එයාර් ඉන්දියා ගුවන් අනතුරේ මූලික වාර්තාව නිකුත්ව තිබෙනවා.
එම වාර්තාවට අනුව මෙම ගුවන් අනතුරට පෙර යානයේ ඉන්ධන ස්විචය ක්‍රියා විරහිත වීම යානය කඩා වැටීමට හේතුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
අහමදාබාද් සිට ලන්ඩන් බලා පිටක් වු ඉන්දියන් ගුවන් සමාගමට අයත් බොයිං 787 මෙම යානය කඩා වැටිමට ලක් වූයේ පසුගිය මාසයේදීයි.
මෙම අවස්ථාව වන විට නියමුවන් දෙදෙනා අතර ව්‍යාකූල තත්ත්වයක් පෙන්නුම් කරන බවත් ඔවුන්ගේ හඩ පටවලට අනුව එක් නියමුවකු අනිත් නියමුවාගේ මෙම ක්‍රියාව ඔහු අතින් සිදු වූවේද යන්න විමසා ඇති බවත් සඳහන් කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර දක්වමින් අනිත් නියමුවා එසේ නොමැති බව ප්‍රකාශ කර තිබුණු බව ද අදාළ වාර්තවේ සදහන්.
කෙසේවෙතත් විශේෂඥයින් සඳහන් කළේ, ආරක්ෂිත අගුල හේතුවෙන් ඉන්ධන ස්විච දෙකම ක්‍රියා විරහිත වීම අතිශය දුර්ලබ සිදුවීමක් බවයි.