මීගොඩ, මහවත්ත, මුතුහේනවත්ත ප්‍රදේශයේදී ඊයේ(13) රාත්‍රී වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.
මුතුහේනවත්ත, නදුන් උයන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් අහසට වෙඩි තබා පළා ගොස් ඇති බවයි වාර්තා වන්නෙ
මෙම වෙඩි තැබීම සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති බවත් එම උණ්ඩ කොපු වෙඩි තැබීම සිදු වූ ස්ථානයේ වැටී තිබියදී සොයා ගත් බවයි පොලිසිය පවසනවා.
ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව මුහුනු වසාගත් නාඳුනන සැකකරුවන් දෙදෙනා මුතුහේනවත්ත මාර්ගය දෙසට පලාගොස් තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.