ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද තවත් සැකකරුවන් තිදෙනෙකු රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් තුන්දෙනා අද දහවල් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවට පමුණුවනු ලැබුවා.
ගනේමුල්ල සංජීව ඝාතනය සිදුකළ වෙඩික්කරු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු සහ ගිනි අවිය ලබාදීම සම්බන්ධයෙන් අනිත් සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
මොවුන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිසිය දැනුම් දී සිටියා.