ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම්වලින් පසු පළමු වරට ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි මහජන හමුවකට එක්ව ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා. එරට පැවති විශේෂ ආගමික උත්සවයකට ඔහු මෙලෙස එක්ව ඇති බව සඳහන්. අයතුල්ලා අලි කමේනි මීට පෙර අවසන්වරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේ ඊශ්‍රායල – ඉරාන යුද ගැටුම් පවතින අවස්ථාවක, ඉරාන හමුදා නායකයින් සහ විද්‍යාඥයින් මිය ගිය අවස්ථාවේ ඒ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කිරීම සඳහා බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.
උණුසුම් පුවත්
- මන්ත්‍රී අර්චුනාට වරෙන්තු නිකුත් කරයි
- අසල්වැසියන්ගේ ගැටුම මරණයෙන් කෙළවර වෙයි
- අද දවසේ කාලගුණ තත්ත්වය
- BREAKING NEWS: කොළඹ මහ නගර සභා අයවැයෙන් මාලිමාව පරදියි
- හැටන් දික්ඔය නගර සභාවේ මංගල අයවැය වැඩි ඡන්ද 12කින් සම්මතයි
- මහ මග පෙරළුණු තුන් සක රිය ලංගම බසයක ගැටෙයි
- කැඩී ගිය යකඩ පාලම වෙනුවට වතු කම්කරුවන්ගෙන් තාවකාලික පාලමක්
- හැටන් දික්ඔය නගර සභාවෙන් නියෝගයක්













