වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙක් මන්නාරම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ 2025 ජනවාරි මස 16 වන දින මන්නාරම අධිකරණය ඉදිරිපිටදී පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඒ පොලිසියට ලද තොරතුරත් මත මන්නාරම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ මන්නාරම කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ(28) උදෑසන තලෙයිමන්නාරම මාර්ගයේ ලැඟුම් හලක සිදු කරන ලද වැටලීමකදීයි.
එහිදී අදාළ ලැඟුම් හලේ සැඟව සිටි අපරාධය සැලසුම් කල ප්‍රධාන සැකකරු ජීව අත්බෝම්බයක් සමග හා ඊට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන මුරුන්කන් පොලිසිය වෙත ඉදිරිපත කර තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 22ත් 38ත් යන වයස්වල පසුවන උයිලංකුම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
මන්නාරම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













