ඒත්තුකාල වෙරළ තීරයේ දියනෑමට ගොස් සිටි පුද්ගලයන් හතර දෙනෙකු දියවැලකට හසු වී මුහුදට ගසාගෙන යිමින් සිටියදී පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
බේරාගන්නා ලද පුද්ගලයින්ට මූලික ප්‍රථමාධාර ලබාදීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 20, 21, 22 සහ 34 යන වයස්වල පසු වන වේයන්ගොඩ, පූඩළුඔය හා නමුණුකුල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙකි.
මේ අතර වාකරේ, කරුවප්පන්කේනි වැවේ ගිලී කුඩා දරුවන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පොලිසිය පැවසුවේ මියගිය දරුවන් වයස අවුරුදු 10 සහ 11 යන වයස්වල පසුවන නඩුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි දරුවෙක් සහ දැරියන් දෙදෙනෙකි.
මෙම දරුවන්ගේ දෙමාපියන් සමග කරුවප්පන්කේනි වැව් ඉස්මත්තේ තාවකාලිකව කුඩාරම් තනා ගනිමින් ධීවර කටයුතු සහ කුඹුරු වන සතුන්ගෙන් ආරක්ෂා කරමින් සිට ඇති පිරිසකගේ බවයි පොලිසිය පවසන්නේ.
දෙමාපියන් වැවෙහි ධීවර කටයුතුවල නියැලෙන අතරතුර මෙම දරුවන් තිදෙනා වැව ආසන්නයේ සෙල්ලම් කරමින් සිටියදී වැවේ තිබූ ජලය පිරි වළකට වැටී මෙලෙස මියගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
මෘතදේහයන් වාලච්චෙන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.