
මේ වන විට ජලභීතිකාව හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 20 ක් වන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පවසනවා. ඒ ඊයේ දිනයේදී කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින්.
ඉන් 04 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.














