2025 නැගී එන තරු අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව දුනිත් වෙල්ලාලගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා ඒ සංචිතය නම් කර ඇති බවයි ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ.
යොවුන් ක්‍රීඩක විශේන් හැලඹගේ, අහන් වික්‍රමසිංහ, විජයකාන්ත් වියස්කාන්ත්, ට්‍රැවීන් මැතිව්, ගරුක සංකේත් වැනි ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් වනවා.
නිශාන් මධුෂ්ක, ලසිත් කෲස්පුල්ලේ, නුවනිදු ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ප්‍රමෝද් මධුෂාන්, මිලාන් රත්නායක, ඉසිත විජේසුන්දර වැනි අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙම සංචිතයට ඇතුළත්.
කණ්ඩායම් 8 ක් සහභාගී වන මෙම තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් වීම විශේෂත්වයක්.
තරගාවලිය නොවැම්බර් 14 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.










