Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
    • දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
    • ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
    • කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
    • මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
    • හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
    • මහ සිකුරාදා දිනය අදයි
    • නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අප්‍රේල් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවරය ඇරඹෙයි

    9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවරය ඇරඹෙයි

    සජබෙ සභා ගැබෙන් ඉවත් වෙයි – ෆොන්සේකා සහ රාජිත සභා ගැබේ රැදෙයි
    2024-02-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.40 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා.

    අද උදෑසන 9.45 ට ආරාධිත අමුත්තන්ගේ පැමිණීම සිදු වූ අතර එහිදි පළමුවෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, අනතුරුව කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ පැමිණීම ද සිදු වුණා.

    නව සභාවාරයේ ආරම්භය ඉතාමත් චාම් අයුරින් සංවිධානය කරන ලෙසටයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදී තිබුණේ.

    ඒ අනුව ත්‍රිවිධ හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර සහ රථ පෙළපාලි කිසිවක් අද දින නොපැවැත්වීමටයි තීරණය කර තිබුණේ.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියගැටපෙල අසලදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව පිළිගනු ලැබුවා.

    ඉන් අනතුරුව වේත්‍රධාරි සහ නියෝජ්‍ය වේත්‍රධාරි පෙරටුකොටගත් කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරිය ජනාධිපතිවරයාව පාර්ලිමේන්තු සභාගර්භය වෙත කැඳවාගෙන එනු ලැබුවා.

    එම අවස්ථාවේදී පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටවු අභියසදී පාසල් දැරියන් විසින් ජයමංගල ගාථා ගායනා කර ජනාධිපතිවරයාට ආශිර්වාද එක්කිරීම ද සිදු වුණා

    ඉන් අනතුරුව පැළදුම් කාමරයට පැමිණි ජනාධිපතිවරයා උදෑසන 10.25 පමණ වනතෙක් එහි රැඳී සිට ඉන් අනතුරුවයි ඔවුන් සභාගර්භයට පිවිසෙන්නේ.

    ජනාධිපතිවරයා සභාවේ මුලසුන දරණ අතර එම අවස්ථාවේදී කතානායකවරයා පාර්ලිමේන්තු කාරකසභා ආසනයේ ලේකම් මණ්ඩලය සමග අසුන් ගැනීම සිදු වුණා.

    ඉන් අනරතුරුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවා.

    අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගයේ මැතිඇමතිවරුන් සියලු දෙනාම සභාවෙන් පිටව ගිය බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු සදහන් කළේ.

    කෙසේ වෙතත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා සහ රාජිත සේනාරත්න මහතා සිය පක්ෂයේ සාමාජිකයන් සමග සභාවෙන් පිට නොගොස් එහි රැඳී සිටින අයුරු දක්නට ලැබුණා.

    මේ අතර විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල ඇතු`ඵ උත්තර ලංකා සභාගයේ සාමාජිකයින් පිරිසද ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සිදුකරන අවස්ථාවේදී සභාගර්භයේ රැඳී සිට නැහැ.

    එමෙන්ම දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද සභාගර්භයේ රැදී නොසිටි බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

    කෙසේ වෙතත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පමණක් අද දින පැවැත්වෙන ජනාධිපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට සවන් දීමට සභාගර්භයේ රැඳී සිටියා. ඒ, එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විදෙස්ගතව සිටි පසුබිමකයි.

    එමෙන්ම පාර්ලිමේන්තුවේ මුල් අසුන් දරණ කැබිනට් මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මහතා සහ මනූෂ නානායක්කාර මහත්වරුන් ද අද දින පාර්ලිමේන්තු සභාගර්භයේ නොසිටි බවටයි අප වාර්තාකරු කියා සිටියේ.

    මේ අනුව 9 වන පාර්ලිමේන්තුවේ 5 වන සභාවාරය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ මෙරට තුළ ක්‍රම වෙනසක් සිදු කළ යුතු බවටයි.

    http://vnews.lk/wp-content/uploads/2024/02/RANIL-01.mp3

    එමෙන්ම ඉදිරියේදී ඩිජිටල් ආර්ථිකයක් සහ හරිත ආර්ථිකයක් ගොඩනගන බවට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2024/02/RANIL-02.mp3

    මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා.

    http://vnews.lk/wp-content/uploads/2024/02/RANIL-03.mp3

    මේ අතර ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබුවා.

    පෙර පුව​තශ්‍රේෂ්ඨාධිකරණයෙන් අගමැතිට උපදෙසක්
    ඊළඟ පුව​ත ව්‍යාජ අවලෝකිතේශ්වරට ඇප – මානසික සායනයට යාමටත් නියෝග

    සබැ​ඳි පුවත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්

    හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්

    2026-04-09

    දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්

    2026-04-05

    ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට

    2026-04-03

    කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?

    2026-04-03
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group