ටික්ටොක් හිමිකාරීත්ව ගණුදෙනුව සම්බන්ධයෙන් චීනය සමග එකඟතාවකට පැමිණි බව ඇමෙරිකාව නිවේදනය කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ ඇමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් චීන හා ඇමෙරිකා බලධාරීන් අතර සාකච්ඡා පැවැත්වුණා.
එහිදී චීනය සමග රාමුගත ගිවිසුමකට එළඹි බවයි ඇමෙරිකා භාණ්ඩාගාර ලේකම්වරයා සඳහන් කර ඇත්තේ.
ඇමෙරිකානු මෙහෙයුම්වල හිමිකාරීත්වය ඇමෙරිකාවට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමුවු බව ද එරට මාධ්‍ය වාර්තා කළා.