මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩ පැවැත්වීම අරමුණු කරගනිමින් දිවයින පුරා ක්‍රියාත්මක කර ඇති ”රටම එකට” ජාතික මෙහෙයුම යටතේ සැකකරුවන් රැසක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව පසුගිය මස 30 වැනිදා සිට 13 වනදා දක්වා වැටලීම් 16,915ක් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේ.
එම මෙහෙයුම් මගින් පුද්ගලයින් 16,738ක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකු සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති අතර සැකකරුවන් 396 දෙනෙකු සම්බන්ධව රැඳවුම් නියෝගද ලබා ගෙන තිබෙනවා.
මෙහිදී හෙරොයින් කිලෝ 110 ග්‍රෑම් 556ක්ද, අයිස් කිලෝ 600 ග්‍රෑම් 947, කොකේන් ග්‍රෑම් 10, ගංජා කිලෝ 458 ග්‍රෑම් 216ක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ගංජා පැල දස ලක්ෂ 15,632ක්ද, කුෂ් කිලෝ 4 ග්‍රෑම් 847ක්, හෂීන් කිලෝ 25 ග්‍රෑම් 483ක්, මත්පෙති 41,874, මදනමෝදක කිලෝ 13 ග්‍රෑම් 17, මාවා කිලෝ 36 ග්‍රෑම් 176ක්ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබුණා.
එමෙන්ම මෙම වැටලීම් මගින් පුද්ගලයින් 313 දෙනෙකු පුනරුත්තාපනයට යොමු කිරීමටද පොලීසිය විසින් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ..
උණුසුම් පුවත්
- පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හදිසි පරීක්ෂාවක්
- VIDEO: අවතැන්වූවන් පිරිසක් කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි
- කවුරුත් නොකරපුවා මෙයාලා කරනවා – ගම්මන්පිළ
- රිය අනතුරු වලකන්න පොලීසියෙන් අලුත් වැඩක් ! – VIDEO –
- ආණ්ඩුවට පොහොට්ටුවෙන් චෝදනාවක් !
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට













