පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ මැයි සහ ජූනි මාසවල පොල් අස්වැන්නේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනය පවසනවා.
පසුගිය වසරේ මෙම කාලය තුළ පොල් ගෙඩි මිලියන 477ක අස්වැන්නක් ලැබුණු බවයි එම ආයතනය සදහන් කළේ.
ඒ අනුව මෙම වසරේදී පොල් ගෙඩි මිලියන 555 ක අස්වැන්නක් අපේක්ෂා කරන බව ලුනුවිල පොල් පර්යේෂණ ආයතනයේ සභාපතිවරයා පවසනවා.
පොල් ත්‍රිකෝණය ආශ්‍රිත ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 163ක පමණ මිලකට ස්ථාවර වී ඇති බව ද සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.