හෙරොයින් මත්ද්‍රවය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් දෙදෙනා පිළියන්දළ බෝකුන්දර ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 106ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිතා කරන ලද යතුරු පැදියක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
විදේශ රටක සැඟව සිටින කුප්‍රකට සංවිධානාත්මක අපරාධකරුවෙක මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුද වන කළුබෝවිල අවිශ්ක නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන කළුබෝවිල චූටි සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 25ක් සහ 24ක් වන බවත් ඔවුන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය පවසනවා.
සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට වැඩිදුර පරීක්ෂණ සඳහා භාරදී ඇති බවයි වාර්තා වන්නේ.