ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් තැපැල් සේවක වෘත්තිය සමිති කිහිපයක් විසින් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් නුවරඑලිය පැරණිතම තැපැල් කාර්යාලය වසා දැමීම හේතුවෙන් එම තැපැල් කාර්යාලය (19) දිනත් නැරඹීමට පැමිණි දෙස් විදෙස් සංචාරකයන් දැඩි අපහසුතාවයට පත් වී ඇත.
නුවරඑළියට පැමිණෙන විදේශීය සංචාරකයින් තැපැල් වැඩ වර්ජනය පිලිබද නොදැන එම තැපැල් කාර්යාලය නැරඹීමට ගොස් එය වසා දමා ඇති නිසා වීදුරු ජනෙල් තුලින් ඇතැම් විදේශීය සංචාරකයන් තැපැල් කාර්යාලය ඇතුලත බලන අයුරුද දැකගත හැක.
මෙහිදි මාධ්‍යට අදහස් දැක්වූ විදේශිකයින් කියා සිටියේ තමන් නුවරඑලිය ප්‍රදේශයේ සංචාරය කලේ පැරණි තැපැල් කාර්යාලය නැරඹීමට බවත්, එම වසා දැමීම හේතුවෙන් තැපැල් කාර්යාලය ඇතුලත තමන්ට නැරඹීමට අවස්ථාන නොලැබුණ බවයි.