Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    2026-02-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි
    • කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?
    • ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම
    • පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    • නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්
    • ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට
    • කාසියේ වාසිය කොදෙව්වන්ට
    • දිස්ත්‍රික්ක හතරකට මිලිමීටර් 75ට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් නිග්‍රෝධාරාමාධිපති නාහිමියන් අපවත් වෙයි

    හැටන් නිග්‍රෝධාරාමාධිපති නාහිමියන් අපවත් වෙයි

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-10-27කියවීමට මිනිත්තු 6ක් ගතවේ.85 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ විහාරාධිපති ලෙස වැඩ සිටි සියම් මහ නිකායේ මධ්‍යම පලාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති මහගම විමල හිමියන් ඊයේ(26) දින අපවත් වූ බව එම විහාරස්ථානයේ දායක සභාවේ උප සභාපති වසන්ත රෝහණ ද සිල්වා මහතා පවසනවා.

    කලක් රෝගාතුරුව සිටි උන් වහන්සේ පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූ බවත් උන් වහන්සේ අපවත් වන විට 75 වන වියේ පසු වූ බවත් ඔහු කියා සිටියා.

    උන්වහන්සේගේ අවසන් කටයුතු 29 වන බදාදා දින උන් වහන්සේගේ අවසන් කැමැති පත්‍රයේ සඳහන් ස්ථානයේ සිදු කරන බව ආදාහන කමිටුව කියා සිටිනවා.

    ශාස්ත්‍රපති මහගම විමල හිමියන් අපවත්වීමට පෙර උන් වහන්සේ විසින් ශාසයට ඉටු කළ සේවාවන් මෙලෙසින් සටහන් කර තිබෙනවා.

    පැවිදි දිවියේ සිහිවටන….

    1950 මැයි මස 5 වැනි වෙසක් පොහෝදින රත්නපුර දිස්ත්‍රික්කයේ අටකලන් කෝරලයේ මහගම එරමිණියාවේ බෝගහවත්තේ උපත ලද මම මල්හාමි වීරතුංග නමින් හැදින්විණ.

    1955 සිට 1962 දක්වා රත්නපුර කුඹුරුගමුව විදුහලේ ඉගෙනුම ලබා 1962 ඔක්තොම්බර් 26 දින කුඹුරුගමුව ජය මහා විහාරයට ගිය මම 1964 ජූනි 01 වන දින පැවිදි වී, 1964 සැප්තැම්බර් මස හොරණ විද්‍යාරත්න විද්‍යා පීඨයට ඇතුළත් වූයේ 8 වැනි ශ්‍රේණියටයි. එහිදි අ.පො.ස. සා/පෙළ, උ/පෙළ ප්‍රාචීන ප්‍රාරම්භ සහ මධ්‍යම විභාග වලින් සමත්ව 1970 සැප්තැම්බර් මස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමි. 1975 ජනවාරි මස ශාස්ත්‍රවේදි සහ අධ්‍යාපනවේදි ගෞරව උපාධි සමත්ව 1975 ජූනි මස හැටන් ශ්‍රීපාද විද්‍යාලයට පත් වීම ලබා ගතිමි.

    1975 ජූනි 03 වන දින මල්වතු මහා විහාරයේදි උපසම්පදාවට පත් වීමෙන් අනතුරුව 1975 ජූනි සිට 1985 දක්වා දසවසරක් ගුරුවරයෙකු ලෙස සේවය කළ අතර, 1958 සිට 1993 දක්වා හැටන් අධ්‍යාපන කලාපයේ ජ්‍යෙෂ්ඨ ගුරු උපදේශක ලෙස පත්වීම ලබා ගුරු සිසුන් 400ක් පුහුණු කර ඇත.

    ■ 1993 සිට 2008 මැයි දක්වා විදුහලේ පළමුවැනි ශ්‍රේණි විදුහල්පති ලෙස වසර 15ක් සේවය කර 2008 විශ්‍රාම ගියේ තව වසර දෙකකින් විශ්‍රාම යාමට නියමිතව තිබියදීයි.

    ■ 2001 වර්ෂයේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරයට පත්වීම ලබා දුන්නේ සියම් මහ නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාව විසිනි. එහි අක්ත්‍රපත්‍රය අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නා හිමියන් විසින් පිරිනමා තිබුණි.

    ■ සමස්ථ ලංකා සාම විනිසුරු පදවිය 2000 වර්ෂයේදි ලැබීමෙන් අනතුරුව විදුහලේ විදුහල්පතිව සිටි කාලය තුල ශාස්ත්‍රිපති සහ දර්ශනපති උපාධි සමත් වූ උන් වහන්සේ ඊට අමතරව පරිපාලන සහ විදුහල්පති පළමුශේණියටද සමත් වී ඇත.

    ■ විදුහල්පති ශේණීයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව උසස්පෙළ සිසුන් තම විහාරස්ථානය වෙත කැදවා නොමිලේ වසර 12ක් ඉගැන්වීම් කටයුතු සිදු කර ඇත.

    වසර 50 ක කාලය තුල හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානය වෙනුවෙන් උන් වහන්සෙ කල කාර්යභාරය

    ■ විහාරස්ථ පන්සල් භූමිය වටා වලාකුළු බැම්ම ඉදි කිරිම.

    ■ නව විහාර මන්දිරයක් ඉදි කිරිම.

    ■ පැරණි විහාර මන්දිරය මුළුමනින් නවීකරණය කිරිම.

    ■ දෙමහල් දාන ශාලාව ඉදි කිරිම.

    ■ ජය ශ්‍රී මහ බෝධිය රෝපණය කර එහි රන් වැට ඉදි කිරිම.

    ■ අටවිසි බුදුකුටි ඉදි කිරිම.

    ■ දේවාල 6 ක් ඉදි කිරිම.

    ■ දහඅටරියන් බුදු පිලිමය සහිත සිව් මහල් ගොඩනැගිල්ල ඉදි කිරිම. එහි පහත මහළ ළදරු පාසලක් සදහාද, දෙවැනි මහළ ආගන්තුක භික්ෂූන් වහන්සේලාගේ නවාතැන් පහසුව සදහාද, තෙවැනි මහළ පුස්තකාලය සදහාද, සිව්වැනි මහළ බුද්ධ ප්‍රතිමාව සදහාද, වෙන් කෙරිණි.

    ■ පැරණි බෝධිය වටා බුදුකුටි සහිත රන් වැටද විහාරස්ථ භුමිය සහ දාගැබ් මළුව වටා පිගන් ගඩොල් ඇතිරිම.

    ■ විහාර භූමියට පිවිසීමට සහ පන්සලට පිවිසිමට පඩි පෙළවල් දෙකක් ඉදිකිරිම.

    ■ දරුවන් 120කට සහ ගුරුවරු 04 කට සීමා වී තිබූ දහම්පාසල දරුවන් 1200ක් සහ ගුරුවරු 25කට වැඩි දියුණු කර සෙනසුරාදා සහ ඉරිදා දෙදිනම දහම්පාසල පැවැත්වීම.

    ■ නව ඝාණ්ටාර කුලුණක් ඉදි කිරිම.

    ■ ධර්ම ශාලාව මුලුමනින් නවීකරණය කිරිම.

    ■ හැටන් තරුණ බෞද්ධ සංගමය පිහිටු වීම.

    ■ හැටන් සර්වආගමික සංවිධානයක් පිහිටු විම.

    ■ මැයි 05 වන දින උන් වහන්සේගේ සෑම ජන්ම දිනයකදීම මේ වන තෙක් ගැබිණි මවුවරුන් 2000කට පමණ ලක්ෂ 20ක පමණ උපකරණ බෙදා දී ඇත.

    ■ සෑම වසරකම දකුණු දළදා පූජාව සෝමාවති මහා සෑය අභියස (20 වන වරට) පැවැත්වීම

    ■ සෑම වසරකම වම් දළදා පූජාව දළදා මාලිගාව (40වන වරට) පැවැත්වීම.

    ■ මව්පියන් සිහිකර සෑම වසරකම සැප්තැම්බර් පිංකම් සිදු කිරිම.

    ■ අපවත් වී වදාළ ගුරු හාමුදුරුවරු සිහිකරමින් දෙසැම්බර් මස දී වාර්ෂිකව කරන මහා පිංකම

    ■ හැටන් ප්‍රදේශයේ සහජීවනය ඇති කිරිම සදහා දුරුතු මහා පෙරහැර වාර්ෂිකව පැවැත්වීම

    මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලවා දැනට පාසලේ භාවිතා වන පාසල් ගීය රචනා කර පාසලට සියවස පිරුණ අවස්ථාවේ සිටම අද දක්වා එම ගීතය ගායනා කරවීම.

    ශ්‍රීපාද විදුහල වෙනුවෙන් කල කාර්යභාරය

    ■ ශ්‍රීපාද විදුහල මහා විදුහලක්, මධ්‍යමහා විදුහලක්, පර්ෂද මූලස්ථාන විදුහලක්, නවෝද්‍යා පාසලක් සහ මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් කල ඉල්ලීම අනුව ජාතික පාසලක් බවට පත් කිරිම.

    ■ විදුහලට වසර 100 පිරිම නිමිත්තෙන් 1997 සියවස් සැමරුමට සමගාමීව හිටපු අධ්‍යාපන අමාත්‍ය රිචඩ් පතිරණ ඇමතිතුමාගේ මූලිකත්වයෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ මහ පොළ දින 08ක් පැවැත්වීම.

    ■ ගාමිණී ආරියතිලක, ගාමිණී දිසානායක ඇමතිවරු දැනුවත් කර විදුහලට අලුතින් අක්කර 10ක් ලබා ගැනීම.

    ■ දිවංගත හිටපු අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ අනුග්‍රහයෙන් නව ක්‍රීඩා පිටිය ඉදි කිරිම.

    ■ ඕල්කට් ශාලාව, සිරිමා බණ්ඩාරනායක ශාලාව සහ කණ්නංගර ශාලාව යනුවෙන් දෙමහල් ගොඩනැගිලි තුනක් අලුතින් ඉදි කිරිම.

    ■ නව විදුහල්පති නිළ නිවසක් ඉදි කිරිම.

    ■ පරිඝණක මධ්‍යස්ථානයක් පිහිටු වීම.

    ■ කෘෂිකර්ම ඒකකයක් ලබා ගැනීම.

    ■ ඉංග්‍රීසි මාධ්‍ය අංශයක් ආරම්භ කිරිම.

    ■ නව කලාගාරයක් ඉදි කිරිම.
    ■ සෞන්දර්ය කලාගාරයක් ඉදිකිරිම.

    ■ කලාප අධ්‍යාපන කාර්යාලයක් සදහා පාසල් ඉඩමේ කොටසක් ලබා දීම සහ අධ්‍යාපන කාර්යාලය පිහිටු වීම.

    ■ 1975 සිට 2021 දක්වා වසර 43ක් උසස්පෙළ සදහා සිංහල, බෞද්ධ, සංස්කෘතික, ඉතිහාසය, දේශපාලන විද්‍යාව, බුද්ධ දර්මය විශයන් ඉගැන්වීම.

    ■ 2021 වන විට මාගේ කලා පන්තියෙන් දරුවන් 387 ක් විශ්ව විද්‍යාලයට යැවීම. 1016 ක් භාහිර උපාධිය සදහා යොමු කළෙමි.

    ■ ගුරු අභ්‍යාස විදුහල්වලට 52ක් යොමු කිරිම.

    පළාතේ ජාතිභේද, ආගමික භේද, ගිහිපැවිදි දුප්පත් පොහොසත් භේද නොසලකා සියලු දෙනා සමග සමගිය වර්ධනය කළෙමි. පල්ලියට ගිය විට බයිබලයෙන්ද, මුස්ලිම් පල්ලියට ගිය විට කුරාණයෙන්ද කරුණු ගෙන දේශණය ඉදිරිපත් කළෙමි. දෙමළ අයෙකුගේ මරණයේදි ඉල්ලීම් කලහොත් එම අවමංගල්ය උත්සවයට සහභාගි වී බෞද්ධ ආගමට අනුව පාංශුකූල කටයුතු කිරිම.

    + දැනට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ කථිකාචාර්ය ධූරය දරණ දොඩම්ගොඩ සුමනසාර හිමි මාගේ ලග උපසම්පදා වූ ප්‍රථම ශිෂ්‍ය හිමි නමයි.

    + මා ලග උපසම්පදා වී මාගේම පාසලට ඇතුලත් කර උසස්පෙළ සමත්ව සරසවි අධ්‍යාපනය ලබා මාගේ පාසලේම දැනට සේවය කරන ධම්මදින්නේ ධීරානන්ද හිමි දෙවන ශිෂ්‍යාය.

    + ඉහත දෙනම සහ මාගේ ලග පැවිදිව දැනට මහනුවර අස්ගිරි පිරිවනේ ඉගෙනුම ලබන මතුගම සුමේද සහ රාහුල දෙනම අනික් සිසුන් දෙදෙනාය.

    හැටන් තරුණ බෞද්ධ සමිතිය නගා සිටුවීම සහ එම තරුණ බෞද්ධ සමිතිය සාර්ථකව පවත්වාගෙන යෑමට පැවිදි අනුශාසනාව ලබා දීම සහ 1996 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැවති දැඩි නියගය සමයේ හැටන් තරුණ බෞද්ධ සමිතිය සමග එක්ව පීඩාවට පත් පවුල් 1000 කට රු.5000ක් පමණ වටිනා වියළි සලාක පාර්සල් රැගෙන ගොස් බෙදා දීමට දායක වීම.

    යන දේවල් මාගේ උපරිම ශක්තිය ප්‍රමාණයෙන් මා විසින් ඉටු කළෙමි.

    පෙර පුව​තළාබාල තරුණියන් සීයලා සමග විවාහ වීම වැඩි වෙලා
    ඊළඟ පුව​ත ඉන්දු – චීන සෘජු ගුවන් ගමන් යළි ඇරඹෙයි

    සබැ​ඳි පුවත්

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    හින්දු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරන මහා ශිව රාත්‍රිය අදයි

    2026-02-15

    කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    2026-02-15

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    2026-02-15

    පසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්

    2026-02-15
    ක්‍රීඩා පුවත්

    නේපාලය හමුවේ කොදෙව්වන්ට කඩුලු 9ක ජයක්

    2026-02-15

    ශ්‍රී ලංකාව, ඉන්දියාව, කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව පෙරමුණට

    2026-02-15

    කාසියේ වාසිය කොදෙව්වන්ට

    2026-02-15
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group