නේපාලයට එරට රජය විසින් පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කර තිබෙනවා.
ඒ එරට හටගත් දැවැන්ත විරෝධතා හේතුවෙන්.
නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතා තියුණු මුහුණුවරක් ගත අතර එහිදී පුද්ගලයින් 19 දෙනෙකු ජිවිතක්ෂයටද පත් වුණා.
විරෝධතා මර්ධනය සදහා එරට පොලීසිය සහ විරෝධතාකරුවන් අතර ඇති වූ ගැටුම් වලින් එම පිරිස ජීවිතක්ෂයට පත්වූ අතර තවත් පුද්ගලයින් 100 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලැබුවා.
කන්මණ්ඩු අගනුවර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද එමවිරෝධතාකරුවන් ඇතුළු වී තිබුණා.
ෆේස්බුක් සහ යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා 26ක් සඳහා තානමක් පැනවීමටයි නේපාල රජය කටයුතු කලේ .
ඊට විරෝධය පළ කරමින් එරට තරුණ තරුණියන් ඇතුළු විශාල පිරිසක් විසින් මෙම විරෝධතා ආරම්භ කර තිබුණා.
පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන නේපාල රජය තීරණය කලේ හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමටයි.
එරට සන්නිවේදන හා තොරතුරු අමාත්‍යාංශය ඒ බව තහවුරු කිරීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර යාම ආරම්භ කල බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ .
ව්‍යාජ ප්‍රවෘත්ති, වෛරී ප්‍රකාශ සහ දූෂණ මැඩපැවැත්වීම සඳහා සමාජ මාධ්‍ය වේදිකා නිසි ලෙස නියාමනය කළ යුතු බව, එරට රජය ප්‍රකාශ කරනවා.