ගනේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වශයෙන් කටයුතු කළ සැකකරු, පසුගිය වසරේ දෙසැම්බර් 13 වනදා කඳාන – වීදි මාවත ප්‍රදේශයේ පිහිටි නිවසකට වෙඩි තබා පළා යාමේ සිද්ධියේ වෙඩික්කරු බවට ද අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව, එම වෙඩි තැබීමද විදෙස් ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
පසුගිය 19 වනදා අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී ගනේමුල්ල සංජීව වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වන 27 හැවිරිදි සමිඳු දිල්ශාන් පියුමංග කඳනආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මේ වන විට දින 90 ක රැදවුම් නියෝග මත රදවා තබාගෙන විමර්ශන සිදු කරමින් පවතිනවා.