විද්‍යාපීඨ සඳහා බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව 7,500 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
මෙරට තිබෙන විද්‍යා පීඨ 19 විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කර මෙලෙස සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.
එමෙන්ම කොරියානු, ජර්මන්, ප්‍රංශ, හින්දි, චීන හා ජපන් භාෂා ගුරුවරුන් 500 කට වැඩි සංඛ්‍යාවක් පාසල් පද්ධතිය සඳහා බඳවාගැනීමටද අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා.