
මෙරට පුනර්ජනනීය බල ශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීම සඳහා ස්ථාපනය කරනු ලබන පළමු බැටරි බල ශක්ති ගබඩා පද්ධතිය අද අනුරාධපුරයේදී විවෘත කරනු ලබනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ සහභාගිත්වයෙන්. තවද දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද “ දියජනනි “ පාවෙන සූර්ය බල ශක්ති පද්ධතිය ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කිරීමට නියමිතයි.














