Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්
    • විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
    • රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි
    • රුසියානු – යුක්‍රේන යුද්ධය සම්බන්ධ යෝජනාවකට ශ්‍රී ලංකාව ප්‍රතිචාර දැක්වීමෙන් වළකියි
    • දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා සිය ධුරයේ වැඩ අරඹයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, පෙබරවාරි 26
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි

    ගාඩ්මෝර් දිය ඇල්ලට කරන්න යන දේ සංචාරක නියෝජ්‍ය ඇමැති හෙළිකරයි

    2025-08-10කියවීමට මිනිත්තු 2ක් ගතවේ.93 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මස්කෙළිය, ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශය 2026 වසර වන විට සංචාරකයින්ගේ ගමනාන්තයක් බවට පත් කිරීමට පියවර ගන්නා බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසනවා.

    නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මස්කෙළිය ගාඩ්මෝර් දිය ඇල්ල පිහිටි ප්‍රදේශයේ සංචාරයකට ඊයේ(09) එක්වෙමිනි.

    වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සංචාරකයින්ගේ ආකර්ෂණයක් සහිත මෙවැනි ප්‍රදේශ සංවර්ධනය කිරීමෙන් එම ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික තත්ත්වයද වැඩි දියුණු කළ හැකි බවයි.

    එසේම සියලුම ආයතන සම්බන්ධ කරගනිමින් ප්‍රදේශය විශේෂ සංචාරක ආකර්ශණීය ප්‍රදේශයක් ලෙස අනාගතයේදී සංවර්ධනය කළ හැකි බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

    ගාඩ්මෝර් දිය ඇල්ල ආශ්‍රීත ප්‍රදේශය සංවර්ධනය කිරීමට මීට පෙරද යෝජනා ඉදිරිපත් වී ඇතත් ඒවා ක්‍රියාත්මක වී නොමැති බවද ඔහු කියා සිටියා.

    එහිදී වැඩිදුරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙලෙස කියා සිටියා.

    “මෙම ප්‍රදේශයට බොහෝ සංචාරකයින් පැමිණියද ඒ අයට අවශ්‍ය පහසුකම් නෑ.

    හෙලිකොප්ටර් වැනි නවීන පහසුකම් මෙහි ඇති කළ හැකියි. අපගේ රජයේ ඊළඟ අය වැයෙන් මේ සඳහා මුදල් වෙන් කරනවා.

    මෙම ප්‍රදේශයට පිවිසෙන ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීමට පළාත් සංවර්ධන අධිකාරියට මුදල් වෙන් කර තිබෙනවා.

    මේ හා සම්බන්ධ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුු කරනවා.

    දිය ඇල්ල පිහිටි ප්‍රදේශය පෞද්ගලික වතුයායක් නිසා මස්කෙළිය ප්‍රාදේශිය සභාව හරහා අදාල ක්‍රියාමාර්ග ගනු ලබනවා.

    ඇල්ල, මහනුවර හා හම්බන්තොට වැනි ප්‍රදේශවල සංචාරක ප්‍රජාව වැඩිවී ඇති ආකාරයටම සංචාරක සංවර්ධන අධිකාරිය හරහා නව මධ්‍යස්ථානයක් ඇති කිරීමට අපි පියවර ගන්නවා.

    වැවිලි යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා උඩරට වතුකර ජනතාව සඳහා අහාර, නිවාස,අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා වැනි මූලික පහසුකම් සපයනවා.

    මේ වන විට උඩරට වතුකර ජනතාව සඳහා ස්ථීර ලිපිනයන් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

    පළමුව උඩරට වතුකර ජනතාව සඳහා නිවාස යෝජනා ක්‍රම ලබාදීමෙන් පසුව ඔවුන්ට ඉඩම් අයිතිවාසිකම් ලබාදීමට අවශ්‍ය සාකච්ඡා පවත්වමින් සිටිනවා.

    පසුගිය රජය මෙන් නොව වතු කම්කරුවන් වෙනුවෙන් ව්‍යාජ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කරමින් ජනතාව රැවටීමට අපි සූදානම් නෑ.

    ඔවුන්ගේ ජීවනෝපාය නිසි ලෙස ඉදිරියට ගෙනයාම සඳහා නිසි වැටුපක් ලබා දීමටද අපගේ රජය පියවර ගන්නවා.”

    මෙම නිරීන්ෂණ චාරිකාව සඳහා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මහත්මිය සමග මස්කෙළිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගීව සිටියා.

    Gartmore Falls
    පෙර පුව​තගාසා තීරයේ තවත් 11 දෙනෙකුට ජීවිත අහිමි වෙයි
    ඊළඟ පුව​ත පළායාමට තැත් කළ වලස් කටාට අත්වූ ඉරණම

    සබැ​ඳි පුවත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට

    රටේ සියලුම පුරවැසියන්ට එක සමානව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි – සුනිල් වටගල කියයි

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට

    2026-02-26

    කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ගින්නක්

    2026-02-26

    විදුලි සේවකයන් පැය 6ක සංඛේත වර්ජනයකට

    2026-02-26

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-26
    ක්‍රීඩා පුවත්

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25

    සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ

    2026-02-23

    දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි

    2026-02-23
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group