මෙරට ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩාවෙන් තහනම් නියෝගයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය තීරණය කර තිබෙනවා.
ඒ අනුව දේශීය ක්‍රිකට් ක්‍රීඩක සාලිය සමන්ට වසර පහක කාලයක් සඳහා මෙම තහනම් නියෝගය පනවා ඇති බවයි වාර්තා වන්නේ.
එමිරේට්ස් ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වීම හේතුවෙන් මෙම තහනම පනවා ඇති බවයි ජාත්‍යන්තර කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ .