ප්‍රදේශ කිහිපයක පවතින වර්ෂාපතනයත් සමඟ යළි ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරනවා.
එම ඒකකය සඳහන් කළේ මේ වනවිට ඩෙංගු අධිඅවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනාගෙන ඇති බවයි.
වසරේ මේ දක්වා ඩෙංගු හේතුවෙන් පුද්ගලයන් 22 දෙනෙක් මියගොස් ඇති බවයි ආසාදිතයන් 41,324ක් වාර්තා වී ඇති බවත් එම ඒකකය වැඩිදුරටත් පවසනවා.
එසේම මේ දක්වා සිදුකළ පරීක්ෂණවලදී ඩෙංගු වෛරස ප්‍රභේද 4 ක් හඳුනාගෙන තිබෙනවා.
ලබාගන්නා ලේ සාම්පලවලින් සියයට 40ත් 50ත් අතර ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් බවට තහවුරු වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.










