තුර්කියේ ප්‍රදේශ රැසක ලැව්ගිනි පැතිරීමේ අවදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
පවතින දැඩි උණුසුම සහ තද සුළං තත්වය ඊට හේතුවී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර, එස්කිසෙහීර් පළාතේ හටගත් ලැව් ගින්න පාලනයට ක්‍රියාකළ ගිනි නිවන භටයින් සහ ස්වේච්ඡා සේවකයින් 10 දෙනෙකු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කලේ.
පසුගිය 22 වන දින හටගත් මෙම ලැව් ගින්න පාලනයට යොදා සිටි ගිනි නිවන භටයින් සහ අකුට් රාජ්‍ය නොවන සංවිධානයට අයත් ගලවා ගැනීමේ ස්වේච්ඡා සේවකයින් ගින්නට අසුවී තිබෙනවා.
එහිදී තුවාල ලැබු 24 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 10 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි තුර්කි සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ.
තුර්කි ජනාධිපති රිසෙප් ටයිප් එර්ඩොගන් මියගිය ගිනි නිවන බටයින්ට සිය ශෝකය පළ කර තිබෙනවා.