නුවරඑළිය නානුඔය නගරය ජලයෙන් යවටීම හේතුවෙන් රථවාහන හා දුම්රිය ධාවනයට බාධා එල්ල වුණා.
නිවාස රැසක් ද ජලයෙන් යටවුණා.
නානුඔය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ අධික වර්ෂාවක් හට ගැණුනා.
ඒ සමග එක්වරම ප්‍රධාන මාර්ගය දිගේ විශාලජලකදක් ගලා ඒම හේතුවෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යට වුණා.
නානුඔය දුම්රිය ස්ථානයට යාබදව පිහිටි රදැල්ල ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වූ ඔඩිසි දුම්රිය විනාඩි 15 ක් නතර කර තැබීමට ද සිදු වුණා.
කෙසේ වෙතත් මේ වන විට පස්කන්ද ඉවත් කර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙනවා.