එළඹෙන අගෝස්තු 2 වැනිදා විවෘත වීමට නියමිත City of Dreams හෝටලයේ කැසිනෝ ශාලාව විවෘත කිරීමේ උත්සවයටඉන්දීය සුපිරි නළු ශාරුක් ඛාන් නොපැමිණෙන බව City of Dreams හෝටලය නිවේදනය කරනවා.
සිය ෆේස්බුක් පිටුවේ නිවේදනයක් තබමින් ඔවුන් මේ බව සනාථ කරනවා.
සුපිරි නළු ශාරුක් ඛාන් මීට පෙර අදාල උත්සවයට පැමිණීමට නියමිත බව ප්‍රකාශ කළත් ඔහුගේ පෞද්ගලික හේතුවක් මත මෙම උත්සවයට සහභාගී නොවන බව දැනුම් දී ඇති බව එම ෆේස්බුක් පිටුවේ සඳහන් වනවා.