ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙමළ ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නොමැති අතර ඒ පොරොන්දු තවදුරටත් ඉටු නොකරන්නේ නම් උතුර- නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නතර කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ශානකියන් රාසමානික්කම් මහතා පවසනවා.
ආණ්ඩුව මේ වනතෙක් දෙමළ ජනයාට දුන් පොරොන්දුවලින් කිසිවක් ඉටුකර නොමැති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි නොකිරීම, මෙන්ම දෙමළ ජනතාවගේ ඉඩම් ප්‍රශ්න නොවිසඳීම මේ වන විට උතුර නැගෙනහිර තරුණයන්ගේ ආරක්ෂාව දැඩි ලෙස ආනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් මන්ත්‍රිවරයා පෙන්වා දුන්නා
හෙට පැවැතීමට තිබුණු උතුරු නැගෙනහිර හර්තාලය මඩු මංගල්‍යය පවත්වන දිනට යෙදී ඇති නිසා එය ලබන 18 දාට යොදාගත් බවත් හර්තාලයෙන් පසුවද කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් නොලැබෙන්නේ නම් ඒ අනුව උතුරු නැගෙනහිර පරිපාලන කටයුතු සියල්ල නවත්වන බවත් මන්ත්‍රිවරයා පවසා තිබෙනවා