ග්රීක බැදුම්කර නඩුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුලු පස්දෙනෙකුට ලබන මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කර තිබෙනවා .
අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථීක අර්බුදයකට ලක්ව සිටියදී ග්රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර මිලදී ගැනීමට ගොස් රුපියල් කෝටි 184ක පාඩුවක් රජයට සිදුකළේ යැයි චෝදනා කරමින්.