Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    ලංකාවේ සුබවාදී ආකල්ප ඉහළට: රජයටත් ඉහළ අනුමැතියක් රට හිතන හැටි මත විමසුම

    2026-02-15කියවීමට මිනිත්තු 3ක් ගතවේ.102 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වේරිටේ රිසර්ච් (Verité Research) ආයතනය විසින් පවත්වනු ලබන ගැලප් (Gallup) මාදිලියේ “රට හිතන හැටි” (Mood of the Nation) නවතම මත විමසුමට අනුව, 2026 පෙබරවාරි මාසයේ මුල් භාගය වන විට ආණ්ඩුව ගැන ජනතා අනුමැතිය 65% ක් ලෙස වාර්තා වී ඇතැයි එම ආයතනය නිවේදනය කරයි.

    මේ අනුව, ජනතා අනුමැතිය ප්‍රතිශතාංක ±3 ක ආන්තික දෝෂයකට යටත්ව මීට වසරකට පෙර පැවති 62% ක අගයට සාපේක්ෂව සංඛ්‍යානමය වශයෙන් ස්ථායි මට්ටමක පවතී. මෙම මත විමසුම සඳහා දත්ත එකතු කිරීම වැන්ගාඩ් සර්වේ (Vanguard Survey (Pvt) Ltd) ආයතනය විසින් කරන ලදී.

    ආණ්ඩුව කටයුතු කරන ආකාරය අනුමත නොකරන පිරිසෙහි ප්‍රතිශතය අඩු මට්ටමක පවතී. එය මීට පෙර 2025 පෙබරවාරි මාසයේ පැවති අගයෙන් වෙනස් වී නැත.

    මෙම මත විමසුමේ සිව් වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, පවතින ආර්ථික තත්ත්වය “යහපත්” හෝ “විශිෂ්ට” ලෙස ඇගයූ පිරිස, එය “දුර්වල” ලෙස ඇගයූ පිරිස ඉක්මවා ගොස් ඇත.

    ජනතාව, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳව වඩා සුබවාදී මතයක් දැරීම ද මෙවර දක්නට ලැබේ. ආර්ථිකය “යහපත් වෙමින් පවතින බව” පැවසූ පිරිස වසරකට පෙර පැවති 55% ක අගයේ සිට 64% දක්වා ඉහළ ගොස් ඇත. ආර්ථිකය “නරක අතට හැරෙන බව” පැවසූ පිරිසෙහි වෙනසක් සිදු වී නැති අතර ඒ පිළිබඳ නිශ්චිත අදහසක් නොමැති පිරිස අඩු වී ඇත. මෙයින් පෙනී යන්නේ රටේ ආර්ථික ගමන් මඟ පිළිබඳව වැඩි පිරිසක් වඩාත් තීරණාත්මකව සහ සුබවාදීව සිතන බවයි.

    ආර්ථිකය පිළිබඳ පවතින සියලුම ආකල්ප සෘණ (-) 100 සිට ධන (+) 100 දක්වා පරාසයක විහිදෙන “ආර්ථික විශ්වසනීය දර්ශකයක්” ලෙස ඒකරාශී කර ඇත. මීට වසරකට පෙර +14 ක් ලෙස සටහන් වූ මෙම දර්ශකය මෙවර +36 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය ඉතා විශාල වර්ධනයකි.

    මීට අමතරව, ජනතාවගෙන් බහුතරයක් (59%) වර්තමානයේ රටේ කටයුතු සිදුවෙමින් පවතින ආකාරය ගැන තෘප්තිමත් බව ප්‍රකාශ කර ඇත. වසර හතරක මත විමසුම් ඉතිහාසය තුළ රට ගැන ජනතාවගේ තෘප්තිය 50% මට්ටම ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.
    විවිධ අංශ ඔස්සේ පෙර රජයන්ට සාපේක්ෂව වත්මන් රජය ඇගයීමේදී ධනාත්මක ඇගයීම ඉහළින්ම තිබුනේ මත්ද්‍රව්‍ය සහ අපරාධ අවම කිරීම සම්බන්ධයෙනි. එය දූෂණය අඩු කිරීම සම්බන්ධව තිබූ ඇගයීමටත් වඩා ධනාත්මකය.

    නිතර පවත්වනු ලබන “රට හිතන හැටි” මත විමසුම, වේරිටේ රිසර්ච් ආයතනයේ සාර්ව දේශපාලන විග්‍රහයන්වලට (Macro Political Briefings) වැඩිදුර කරුණු එකතු කිරීම සඳහා භාවිතා කරන මෙවලමකි. මෙමඟින් ශ්‍රී ලාංකිකයින්ගේ ආකල්ප පරීක්ෂා කිරීම සඳහා වෙනත් ආයතනවලට ද ප්‍රශ්න ඇතුළත් කිරීමට හැක. මත විමසුම් ප්‍රතිඵල පිළිබඳ වැඩිදුර තොරතුරු සේවාලාභීන්ට ලබාගත හැක.

    මෙම නවතම මත විමසුම දිවයින පුරා විසිරී සිටින වෙන් වෙන් පවුල් ඒකකවලට අයත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 1,048 දෙනෙකුගෙන් සමන්විත, සසම්භාවි ක්‍රියාවලියක් හරහා තෝරා ගන්නා ලද බහු-පියවර නියැදියක් ඇසුරින් 2026 ජනවාරි 24 සිට පෙබරවාරි 03 දක්වා කාලය තුළ පවත්වන ලදි. මෙම ක්‍රමවේදය තුල ප්‍රතිඵල 95% ක විශ්වාසනීය මට්ටමක උපරිම වශයෙන් ප්‍රතිශතාංක ±3.0 ක ආන්තික දෝෂයකට සීමා වනු ඇත. ජනමත විමසුම ක්‍රියාත්මක කිරීමේ දී සිදුවන අතපසුවීම්වලට ද ආන්තික දෝෂයට බලපෑමක් විය හැක.

     

    පෙර පුව​තපසමිතුරු ක්‍රිකට් ගැටුමට දැඩි ආරක්ෂිත රැකවල්
    ඊළඟ පුව​ත කස්සප හිමිගේ චෝදනා ගැන සොයන්න අධිකරණ ඇමැති ත්‍රීකුණාමලයට ?

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group