යුක්‍රේනයේ කියෙව් අගනුවර මහල් නිවාස සංකීර්ණ කිහිපයකට අද අලුයම රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
ඒ සමඟම එහි ගින්නක් ද හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ප්‍රහාරයෙන් නේවාසික ගොඩනැගිලි දෙකකට හානි සිදුව ඇති බවට යුක්‍රේන බලධාරීන් තහවුරු කර තිබෙනවා.
ඉන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, යුක්‍රේන අගනුවර වටා ගුවන් ආරක්ෂක ඒකක ද ක්‍රියාත්මක වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.













