හැත්තෑ හැවිරිදි එක් දරු මවක සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගිය 30 හැවිරිදි පෙම්වතකු ඇය සතු රු.160,000ක් වටිනා ස්වර්ණාභරණ රන් පෙන්ඩනයක් සහිත මාලයක් සහ අත් පළඳනාවක් කොල්ලකා පලාගොස් තිබෙනවා.
වාහල්කඩ පොලිසිය සඳහන් කළේ, මේ සඳහා ආධාර අනුබල දුන් 24 හැවිරිදි තරුණයෙක්ද සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි
පෙම්වතාගේ ඇරයුමක් මත මේ කාන්තාව වාහල්ක්ඩ වැව් බැම්ම අසළට පැමිණි අවස්ථාවේ කොල්ලය සිදුකර තිබෙන අතර, මෙම සැකකාර පෙම්වතා සහ මිතුරා වාහල්කඩ ප්‍රදේශයේ මසුන් අල්ලා ජීවත් වන අය බව අනාවරණය වී තිබෙනවා.