යාපනය ඒ නවය ප්රධාන මාර්ගය ඕමන්තේ ප්රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි රියදුරන්ට අදාළ අංශ දැනුම් දී ඇත්තේ.
මේ අතර පවතින ආපදා තත්ත්වය හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවරුන් මෙන්ම නිලධාරින්ගේ නිවාඩු වහාම ක්රියාත්මක වන පරිදි අවලංගු කර තිබෙනවා.
ඒ අනුව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්යංශය නිවේදනය කළේ සියළුම නිලධාරින් සේවා ස්ථානවල, සේවා කාලය තුළ රැඳී සිටිය යුතු බවයි.