
වුල්වැව, වැලිගොල්ලෑව මාර්ගයේ රඹවල වැව් බැම්ම මතදී, ධාවනය වෙමින් තිබූ ට්‍රැක්ටර් රථයක් පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියදුරු ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙකු රෝහල් ගත කර ඇති අතර ඉන් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොළීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 17 හැවිරිදි වැලිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.














