විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊශ්‍රායල සේවකයින් යැවීමේදී සිදුව ඇති බවට පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මතයි.
පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුවූ බව කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණා.










