රුපියල් කෝටියක මුදලක් කප්පම් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් වශයෙන් බලෙන් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්. පසුගිය ජූනි නව වැනිදා කප්පම් මුදල් වශයෙන් කෝටියක මුදලක් ඉල්ලා තර්ජනය කර ඉන් රුපියල් ලක්ෂ විස්සක මුදලක් කප්පම් මුදලක් ලෙස ගෙවන ලද බවට සහ ඉතිරි කොටස නොගෙවන්නේ නම්, බඩල්ගම පොලිස් වසමේ මැල්ලවගෙදර ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු සහ ඔහුගේ දරුවා ඝාතනය කරන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලකට අනුව එම කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා. මේ සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්, ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා සිටි සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනයේ සීදුව පොලිස් වසමේ දඹතුරේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන බඩල්ගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කෙරුණා. සැකකරුවන් අවුරුදු 32 සහ 46 යන වයස්වල පසුවන මැටියගනේ සහ කොටුගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ. මෙම අපරාධය සඳහා සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනොගේ නම් භාවිත කොට ඇති අතර ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නොවන බවත්, පැමිණිලිකරු බියට පත් කිරීම සඳහා මෙම නම් භාවිත කර ඇති බවත් පොලිසිය සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම අපරාධය සඳහා යොදා ගත් සෙල්ලම් පිස්තෝලය, යතුරුපැදිය, කප්පම් මුදලින් ලබා ගත් නවීන යතුරුපැදිය සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා. එමෙන්ම අපරාධය සඳහා යොදාගත් ජංගම දුරකථන කිහිපයක්, එම දුරකථනවල සියලුම සිම්පත්, විවිධ බැංකුවලට අයත් ඒ.ටී.එම් කාඩ්පත්, යතුරුපැදිවල සහ ත්‍රීරෝද රථයේ සියලුම ලියකියවිලිද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්. මෙම සිද්ධිය පිළිබඳ බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- ලංකා විදුලිබල මණ්ඩල සේවකයින් සඳහා ස්වේච්ඡා විශ්‍රාමයාමේ යෝජනා ක්‍රමයක්
- ඒකාබද්ධ කාලසටහනට විරෝධය පල කරමින් ලංගම සේවකයින් වර්ජනයක
- අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධූරය සඳහා පැවැත්වෙන නිලවරණය අද
- සිම්බාබ්වේ සමග විස්සයි විස්ස තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ.
- තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
- BREAKING NEWS – පද්මේ සහ සලින්ත ඇතුළු පාතාලයෝ සෙට් එකක් ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි …
- බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් 11 දෙනෙකු රෝහලට