පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය සදහන් කළේ පොලිස්පති නීතිඥ, ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් ලබා දී ඇති බවයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකුට එලෙස ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී තිබෙනවා.