77 වැනි ජාතික නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරස්‍ර පරීස්‍රය්දී පැවැත්වීට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යා ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසූවේ වියදම් අවම කර ගනිමින් රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි මෙම උත්සවය පැවැත්වීමට කටයුතු කරන බවයි.
මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බව ද එහිදී සාකච්ඡා කර තිබෙනවා.
මෙවර නිදහස් උත්සවය සඳහා 1 600 ක පමණ ආරාධිතයින් සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.
නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීම එම අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ ඊයේ පැවැත්වු අතර එහිදී අදාළ තීරණ ගෙන තිබෙනවා.