සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා .
ඒ අනුව තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස මේ වන විට පෙරමුණේ පසු වන්නේ ශ්‍රී ලංකාවයි .
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් දැවී ලකුණු 271 ක් ලබා ගත්තා .
එහිදී කුසල් මෙන්දින් නොදැවී ලකුණු 93 ක් ලබා ගත් අතර ජනිත් ලියනගේ ලකුණු 46 යි .
පන්දු යැවීමේදී අර්ඩිල් රෂීඩ් කදුළු තුනක් දවා ගත්තා.
ලකුණු 272 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තයට පන්දුවාර 49 යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 252ක් පමණයි.
එහිදී එංගලන්තය වෙනුවෙන් බෙන් ඩකට් ලකුණු 62ක් සහ ජෝ රූට් ලකුණු 61 ක් රැස්කළා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුළු තුනද , ජෙෆ්රි වැන්ඩර්සේ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 02 බැගින්ද දවා ගැනීමට සමත් වුණා.
මෙහිදී තුන් ඉරියව් දක්ෂතා දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානය හිමි කර ගත්තා.













