ගාසා තිරයේ රදවා ඇති සියළුම ප්‍රාණ ඇපකරුවන් මුදා හැරිය යුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.
එලෙස ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙකු ආරක්ෂා නොවනු ඇති බවට ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.
එමෙන්ම ගාසාවේ ජනතාවට සුන්දර අනාගතයක් අවශ්‍ය බැවින් ඉන් පිටව යන ලෙසයි හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ.