දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල දැනට පවතින වැසි වැඩි වීමේ තත්වය, අද දිනයේත් අපේක්ෂා කළ හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
පැසිෆික් සාගරය ආශ්‍රිතව වර්ධනය වී ඇති සුළි කුණාටු තත්වයක් ඊට හේතුව බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුළි කුණාටු තත්වයත් සමග මෝසම් සුළං ප්රවාහයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය සහ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා වලංගු වන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.
එමෙන්ම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, රත්නපුර සහ ඇහැලියගොඩ ප්‍රදේශ සඳහා ද නායයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්.