මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය හෙට සිදු කිරීමට නියමිතයි.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කළ පසු ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9 කින්, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ද අඩු කළා.
නමුත් එහිදී ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිලෙහි සංශෝධනයක් සිදු වී තිබුණේ නැහැ.
විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ, මෙවර මිල සංශෝධනයේදී ඉන්ධන මිල අඩු වීමක් සිදු වනු ඇති බවයි.