පස්සර උඩගම ප්‍රදේශයේ දැරියක් අසනීප තත්ත්වයක් හේතුවෙන් පස්සර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා..
අදාළ දැරියය ඊයේ රාත්‍රියේ රෝහල්ගත කර තිබූ අතර දැරියව පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ මෙම මරණය සැකසහිත මරණයකවන බවයි.
ඒ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවයි පොලීසිය සදහන් කළේ..
මෙලෙස මියගොස් ඇත්තේ 07හැවිරිදි උඩගම, පස්සර ප්‍රදේශයේ පදිංචි දැරියක්.
අදාළ දැරිය මියයෑමට පෙර සතියක පමණ කාලයක සිට උණ රෝගය හා සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රතිකාර ලබාගෙන ඇති බවයි මූලික විමර්ශන වලදී අණාවරණය වී ඇත්තේ.
කෙසේවෙතත් දැරියගේ ශරීරයේ තුවාල සළකුණු ඇති බවට දැරිය පරීක්ෂා කළ පස්සර රෝහලේ වෛද්‍යවරයා ප්‍රකාශ කර ඇති හෙයින් මෙම මරණය සැකසහිත මරණයක් බවට තීරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ආණ්ඩුව බදුල්ලෙන් පුනරුදයේ පුරවර අරඹයි !
- ජනපතිගේ ප්‍රධානත්වයෙන් පිටකොටුව අලුත් වෙයි – LIVE STREAM –
- ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
- කැටපත් පවුරේ නම ලියූ තරුණියක් අත්අඩංගුවට
- බීමත් රියදුරන් හත් දෙනෙක් අධිකරණයට
- නීති විරෝධී මත්පැන් බෝතල් 180ක් සමග අයෙක් අත්අඩංගුවට
- ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
- ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගෙන් ප්‍රහාරයක්