
කොළඹින් බැහැර ප්‍රදේශ වල ඉන්ධන පිරවුම්හල් රැසක ඩිසල් නොමැති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . ඉදිරියේදී යලිත් තෙල් අර්බුධයක් රට තුල ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සදහන් කලේ.














