යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයාගේ, ඔහුගේ බිරිඳගේ සහ දැරියගේ මළ සිරුරු යහලතැන්න, සුනිලගම පිහිටි ඔවුන්ගේ නිවසින් සොයා ගෙන තිබෙනවා. පනස් දෙහැවිරිදි වියේ පසු වූ විපක්ෂනායකවරයා, හතළිස් තුන් හැවිරිදි ඔහුගේ බිරිඳ සහ දා හත් හැවිරිදි දියණිය එලෙස මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයද සඳහන් කළා.
පේරාදෙණිය පොලිසිය වෙත අද අළුයම් කාලයේදී ලද තොරතුරකට අනුව සිදු කළ විමර්ශනයේදී මෙම මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
යටිනුවර ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා සියදිවි නසා ගෙන ඇති බව අනාවරණ වුවද ඔහුගේ බිරිඳ සහ දියණිය මිය ගියේ කෙසේද? යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ. පේරාදෙණිය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.