
යාල ජාතික වනෝද්‍යානයේ 01 සහ 02 කලාප සංචාරකයින් සඳහා අද සිට තාවකාලිකව වසා තබනු ලබනවා. මාසයක කාළයකට පමණක් තාවකාලිකව මෙලෙස වනෝද්‍යානය වසා තබන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කලේ. ඒ අනුව ඔක්තෝබර් මස 15 වනදා දක්වා කාලය තුළ බලපැවැත්වෙන පරිදි මෙලෙස එම කලාප වසා දමනු ලබනවා. පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් සතුන්ට ඇතිවන තාප ආතතිය සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගැනීමටයි තීරණය කර ඇත්තේ. සංචාරක ජීප් රථ වැඩි ප්‍රමාණයක් වනෝද්‍යානය තුළ ගමන් කිරීමත් සමඟ පවතින තත්ත්වය යටතේ වනජීවි නිලධාරීන්ට රාජකාරි කටයුතු සිදුකිරීමේදී අපහසුතා මතුවන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ.














