ශ්‍රී ලංකා රේගුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට එළඹ තිබෙනවා.
ඒ ඒකාබද්ධ යාන්ත්‍රණයක් තුලින් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහායි.
ආනයනකරුවන් විසින් භාණ්ඩ ප්‍රකාශ කිරීමේදී සිදුවන අඩු තක්සේරු කිරීම්, හේතුවෙන් රජයට බදු අහිමිවීම් සිදුවන බව ශ්‍රී ලංකා රේගුව පවසනවා.
එමෙන්ම ඇතැම් ව්‍යාපාරිකයන් තාවකාලික පදනම යටතේ තෙවැනි පාර්ශවයන් හරහා භාණ්ඩ ආනයනය කර බදු පැහැර හැරීමක් සිදු කරන බවයි එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් අනාවරණය කර ඇත්තේ.
එමගින් එම ව්‍යාපාරිකයන් විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත ගෙවිය යුතු නියමිත බදු මුදල් ගෙවීමද පැහැර හැර ඇති බව සදහන්.
අදාළ ගැටළු අවම කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා වන මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










