Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදි අරාබියට මිසයිල ප්‍රහාර
    • එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්
    • ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
    • නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ
    • විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්
    • ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි
    • 2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද
    • ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජූලි 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පාසල් දරුවන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ මානසික පීඩනය ඉහලට

    පාසල් දරුවන්ට තමන්ගේ ප්‍රශ්න කියන්න කෙනෙක් නෑ මානසික පීඩනය ඉහලට

    2025-08-07කියවීමට මිනිත්තු 2ක් ගතවේ.68 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාසල් දරුවන්ගෙන් 75%කට තමාගේ ප්‍රශ්න ගැන කතාබහ කරන්නට කිසිවෙකු නොමැති බවත් ඒ නිසා ඉතා බරපතළ මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් ඇති වන්නට බලපාන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිණී මාගොඩරත්න ප්‍රකාශ කළා ය.

    කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (අගෝ. 6) පැවති මාධ්‍ය හමුවකදී ඇය එසේ කීවා ය.

    සියයට 22.4 දරුවන් තනිකමින් පෙළෙද්දී සියයට 11.9ක් දරුවන් රෑට නිදා ගන්නට නොහැකිව පෙළෙන බවත් ඇය කීවාය.

    සියයට 18 පමණ දරුවන් පිරිසක් විෂාදයෙන් පෙළෙන බව කී ඇය දරුවන්ගෙන් සියයට 7.5කට සමීප මිතුරන් නොමැතිව පීඩා විඳින බවද කීවාය.

    ලංකාවේ දරුවන්ගෙන් සියයට 25කට තමාට ප්‍රශ්නයක් ඇති වූ විට ප්‍රකාශ කරන්නට කවර හෝ පුද්ගලයෙක් සිටින නමුත් සියයට 75ක් පමණ දරුවන්ට තමාට ප්‍රශ්නයක් අවුලක් සිත් රිදීමක් ඇති වූ විට ඒ දුක කණගාටුව ප්‍රකාශ කරන්නට කිසිවෙකු නොමැති නිසා හුදෙකලා බවට පත්ව සිටින බවද ඇය පැවසුවාය.

    වෛද්‍යවරිය සඳහන් කළේ, අතීතයේ ළමයින්ට තිබූ සුන්දර ළමා දිවිය අද නැති වී ඇති බවත් මේ සුන්දර ළමා දිවිය යළිත් මතු පරපුරට ලබා දීමට බුද්ධිමත්ව කටයුතු කර තම පවුලේ සමාජිකයන් සමඟ සුහදව කටයුතු කරන කාලය වැඩි කළ යුතු බවත් ය.

    මානසික ආතතිය, විෂාදය වැනි තත්ත්වයන් සඳහා අවශ්‍ය උපකාර ලබා ගැනීමට යොමු කිරීම සහ ආවේගශීලීව ගන්නා අයහපත් තීරණවලින් සිදු වන හානිය වළක්වා ගැනීමට ජනතාව දැනුවත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සෞඛ්‍ය ප්‍රවර්ධන අංශය නිරතුරුව ම සේවා සපයන බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා ය.
    ඒ අයුරින් රටේ දරුවන් විශාල පිරිසක් මානසික පීඩනයෙන් පෙළෙන බවත් ඇය කීවාය

    ආශ්‍රීත පුවත්:  තුන්වන මහලින් විසි කළ දරුවෙකු මරුට
    #sri lanka#child child
    පෙර පුව​තනාමල්ට එරෙහි පැමිණ්ල්ලට දින නියමවෙයි
    ඊළඟ පුව​ත නඩු ගොනුවක පිටු ඉරූ නීතිඥයාට වැඩ වරදියී

    සබැ​ඳි පුවත්

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ විශේෂ සාකච්ඡාවක්

    ගල්වලක තිබී දැරියකගේ මළසිරුරක් හමුවෙයි

    ඩොලර් ලක්ෂ 25හේ හැකර් කොල්ලය ගැන මහා බැංකුවෙන් වාර්තාවක්

    වීරවල බස් අනතුරක් – 18 දෙනෙකුට රෝහලට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදි අරාබියට මිසයිල ප්‍රහාර

    2026-07-25

    එල් නිනෝ වර්ධනය පිළිබඳ නවතම අනාවරණයක්

    2026-07-25

    ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

    2026-07-25

    නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය තොගයක් විනාශ කෙරේ

    2026-07-25
    ක්‍රීඩා පුවත්

    2026 LPL තරගාවලියේ 11 වන සහ 12 වන තරග අද

    2026-07-25

    ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ගැන අයි සී සී යෙන් දැනුම් දීමක්

    2026-07-25

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group