වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදු කිරීමේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ අගෝස්තු මස 03 වනා ගන්දර, කපුගම ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමට සහ අගෝස්තු මස 24 වනදා බොරලැස්ගමුව ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධීන්වලට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයට අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනෙක් දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මතයි.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන දෙහිවල සහ රත්මලාන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨසය වෙත භාරදී තිබෙනවා.
මේ අතර අගෝස්තු 03 වනදා මාතර, ගන්දර, කපුගම ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අපරාධයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සැකකරුවන් ඊයේ(24) උදෑසන වැල්ලම්පිටිය සහ ගණේමුල්ල යන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු බවයි.
පොලිසියට ලද තොරතුරක් මත මෙලෙස සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධයට සම්බන්ධ වෙඩික්කරු සහ පැදියේ පැදිකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් සහ 47ක් වන වැල්ලම්පිටිය සහ පෑලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම අපරාධය විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ උපදෙස් මත සිදු කර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
මාතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.