ජනාධිපතිවරණ ක්‍රියාවලියට බාධාවක් නොවන පරිදි වාර්ෂික ස්ථාන මාරු ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට විරුද්ධත්වයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙනවා.
ඒ අනුව ඒකබද්ධ සේවා චක්‍රලේඛ මගින් එකාබද්ධ සේවාවන්හි නිලධාරීන්ගේ 2025 වාර්ෂික ස්ථාන මාරු නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වාදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ .
අදාළ ස්ථාන මාරුවීම් චක්‍රලේඛය ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රදේශීය ලේකම්වරුන්ට නිකුත් කර තිබෙනවා