මධ්‍යම ආසියානු බීච් වොලිබෝල් කාන්තා ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට පැමිණියා.
තරගාවලිය පැවැත්වුණේ බංග්ලාදේශයේදී යි.
එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ, දීපිකා බණ්ඩාර සහ චතුරිකා මදුශානි වන අතර නේපාලයට එරෙහිව පැවති අවසන් තරගය ලකුණු 21 – 0ක් ලෙස ජය ගැනීමට සමත් වුනා.
ඒ අනුව ඔවුන් ශූරතාව දිනා ගත්තේ වට 2 – 0ක් ලෙස තරගය ජය ගනිමින්.













