ඉන්දියාවේ කොල්කටා නගරයේ සිට චීනයේ ගුවැන්ෂු නගරය දක්වා වන සෘජු ගුවන් ගමන් සේවා ඊයේ රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබෙනවා.
ඒ, ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සමාගම විසින්.
2020 වර්ෂයෙන් පසු ඉන්දියාව හා චීනය අතර ප්‍රථම වරට දියත් කෙරෙන සෘජු ගුවන් සේවාව ද මෙය වනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, මෙම පළමු ගුවන් ගමන සඳහා මගීන් 176 දෙනෙකු සහභාගි වී තිබෙනවා.
එමෙන්ම, ඉදිරි මාස කිහිපය තුළ නවදිල්ලි නගරය හා චීනයේ ශැංහයි හෝ ගුවැන්ෂු යන නගර අතර සෘජු ගුවන් සේවාවන් යළි ආරම්භ කිරීමට ඉන්දියාව සැලසුම් කිරීම විශේෂත්වයක්.
සෘජු ගුවන් සේවා මෙලෙස යළි ඇරඹීම මගින් දෙරට අතර ගමනාගමනයට මෙන්ම භාණ්ඩ හුවමාරුව සඳහා ද පහසුකම් සැලසෙනු ඇති බවයි ඉන්ඩිගෝ ගුවන් සමාගමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ.













